දේශීය

අයවැය දෙවන වර කියවීම අද

2022 වසර සඳහා වන අයවැය යෝජනාවලට අදාළ දින 07ක අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (13) ආරම්භ වේ. අද සිට ලබන 22 වන දා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇත. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වන දා ප.ව. 5.00ට සිදු කිරීමට නියමිතය.

අයවැය විවාදයේ කාරක සභා විවාදය ලබන 23 වන දා සිට දෙසැම්බර් 10 වන දා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා වෙන් කර ඇති දින ගණන 16කි. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වන දා ප.ව. 5.00ට පැවැත් වේ.

අයවැය විවාදය සමයේ පාර්ලිමේන්තු රැස්වීම් පෙ.ව 9.30ට ආරම්භ වන අතර පෙ.ව. 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ සඳහා වෙන් කර තිබේ. විවාදය සඳහා වෙන් කර ඇත්තේ පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා කාලයයි.

ප.ව. 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *