ඇමරිකානු මාධ්‍යවේදියෙකුට මියන්මාරයෙන් වසර 11ක සිරදඬුවමක්
මියන්මාර හමුදා අධිකරණයක් විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබේ.
37 හැවිරිදි ඩැනී ෆෙන්ස්ටර් නම් වූ ඇමරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිට තිබුණි.
ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ සංක්‍රමණ නීති කඩකිරීම, නීති විරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීමයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම චෝදනවලට අමතරව ඇමරිකානු මාධ්‍යවේදියාට ත්‍රස්තවාදයට හා රාජ්‍ය ද්‍රෝහි අලුත් චෝදනා 2ක් ද එකතු කර ඇති බවයි. ඊට අදාල නඩු විභාගය ලබන මස 16වන දා ආරම්භ වන අතර එම චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

