දේශීය

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරයන්ගේ හඬ නිහඬ වේ

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඊයේ (12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි විජේසේකර මහතා මියයන විට වයස අවුරුදු 73කි.

1975 වසරේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා රංගන ශිල්පියෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ අයෙකි .

රේඛා ටෙලි නාට්‍යයෙන් රංගයෙන් කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ගංඟා සහ නිශ්ශංක, ඉර පායා සහ දත්කැකුළු පාලා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිතය නිරූපනය කළේය.

සඳ කිනිනි නැමී, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු, ඔබ මට තරුවකි, දැල් වූ පහන් ඇතුළු ගීත 80කට ආසන්න සංඛ්‍යාවක් ගායන ක්ෂේත්‍රයට දායද කර තිබේ.

ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය අද (13) උදෑසන සිට මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14) සිදුකිරීමට නියමිතය.

හෙට පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *