කඩුගන්නාවේ අවදානම පිළිබඳ තවදුරටත් පරීක්ෂණ
පසුගිය දින කිහිපයේ හටගත් අධික වර්ෂාව හේතුවෙන් නායයාමේ අවදානමට ලක්ව ඇති කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ කන්දේ අද (13) උදෑසන භෞතික පරීක්ෂණයක් සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
පොළොව විද එම කන්දේ තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන බවත් දැනට එම ස්ථානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් මාර්ගය විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකු පැවසුවේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයනත කිහිපයක නියෝජිතයින් අදාළ පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන අතර දැනට එම ස්ථානයේ ගල්තට්ටුව මත ඇති ජලය ඉටි උර මගින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මේ තත්ත්වය හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 30කට ආසන්න සංඛ්‍යාක් මේ වන විට ඉවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

