දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වේයන්ගොඩ දක්වා සීමා වේ

පසුගිය දිනයන් හී පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හට ගත් ජල ගැලීම් හේතුවෙන් පල්ලෙවෙල සහ මීරිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ගිලා බැසීම හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේයන්ගොඩ දක්වා පමණක් දැනට සීමා කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට දුම්රිය මාර්ගය ගිලාබැස ඇති ස්ථානය පිළිසකර කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *