ක්‍රීඩා

ICC Hall of Fame ලැයිස්තුවට මහේලගේ නමත්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ICC Hall of Fame සම්මානය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධනගේ නම ඇතුළත් කර ඇත.

මෙම සම්මානය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය ලෙස සැලකේ.

මහේල ජයවර්ධනට අමතරව දකුණු අප්‍රිකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෂොන් පොලොක් සහ එංගලන්ත හිටපු ක්‍රීඩිකා ජනට් බ්‍රිටින් යන අයව ද මෙම  ICC Hall of Fame ලැයිස්තුව ඇතුළත් කර තිබේ.

2009 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම නම් කිරීම සිදුකරන අතර මුත්තයියා මුරලිරදන් 2016 වසරේදීත් කුමාර් සංගක්කාර 2021 වසරේදීත් ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් විය.

ඒ අනුව ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් වූ තෙවන ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට මහේල ජයවර්ධනට අවස්ථාව හිමි විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *