තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමකින් පුද්ගලයෙකුගේ අතක් වෙන්වෙයි
ත්රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පිළියන්දල , මඩපාත, පොල්හේන ප්රදේශයේදී මාර්ගයක රැඳී සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් තිබේ.
පහරකෑමට ලක් පුද්ගලයාගේ එක් අතක් වෙන් වී ඇති බවත් ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මෙම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටක් ප්රකාශ කළේ ය.
කැස්බෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රීයාත්මක කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

