දේශීය

වික්ටෝරියා ජලාශය අවට අනවසරයෙන් ඩ්‍රෝන යොදා වීඩියෝ කළ තිදෙනෙක් අත්අඩංගුවට

වික්ටෝරියා ජලාශය හා වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කළ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත‍.

ඊයේ (13) පෙරවරුවේ සැකකරුවන් වික්ටෝරියා වේල්ල, වික්ටෝරියා ජලාශය හා 4 වන බලඇණියේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුර ප්‍රදේශය ඩ්‍රෝන කරමරාවක් මගින් අනවසරයෙන් විඩියෝගත කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

4 වන බලඇණියේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව තෙල්දෙණිය පොලීසිය සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 28 හා 34 හැවිරිදි වියේ පසුවන ගොතටුව හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳ තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ දියත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *