දේශීය

නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 07කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (15) පස්වරුව දක්වා දිර්ඝ කර ඇත.

අදියර 01 සහ 02 යටතේ එම නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

ඒ අනුව කළුතර, මහනුවර ,කුරුණෑගල , මාතලේ , නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ රැසකට අදියර එක යටතේ විමසිලිමත් වන ලෙස නිවේදන නිකුත් කරමින් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ රැසකට අදියර 01 යටතේ විමසිලිමත් වන ලෙස හා අදියර 02 යටතේ අවධානයෙන් සිටිය යුතු බවට වන අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *