බොරතෙල් නෑ – සපුගස්කන්ද පිරිපහදුව වසා දැමේ
සපුගස්කන්ද තෙල් පිහිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන්වීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු අද (15) සිට අත්හිටුවීමට සිදුව ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි.
බොරතෙල් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.
බොරතෙල් රැගත් නැවක් මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස තුන්වැනි සතියේ ය.
ඒ වනතෙක් බොරතෙල් පිරිපහදුව වසා දැමීමට සිදු වනු ඇතැයි තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සඳහන් කරයි.
එම නැවෙන් ගෙන එන බොරතෙල් ප්‍රමාණවත් වන්නේ දින15කට පමණක් නිසා නැවතත් ජනවාරි මස මැද නැවක් පැමිණෙන තෙක් පිරිපහදුව වසා දැමීමට සිදුවුනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

