දේශීය

සහුල් හමීඩ් මොහොමඩ් මුජහීර් යළි මන්නාරම් ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස නැවතත් සහුල් හමීඩ් මොහොමඩ් මුජහීර් මහතා අද (15) දිනයේ වැඩ භාර ගෙන තිබේ.

හිටපු ආණ්ඩුකාරවරිය වූ පී එස් එම් චාල්ස් මහත්මිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සහුල් හමීඩ් මහතා එම ධූරයෙන් පසුගිය සැප්තැම්බර් මස 12 වන දින නෙරපනු ලැබුණි.

ඒ දූෂණ හා වංචා රැසකට ඔහු සම්බන්ධ බව කියමිනි.

නමුත් නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන ජීවන් ත්‍යාගරාජා මහතා ඔහු වෙත ඉදිරිපත් කෙරුණු අභියාචනයක් අනුව හිටපු ආණ්ඩුකාරවරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කෙරනු ලැබුවේය.

ඒ අනුව සහුල් හමීඩ් මහතා මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයේ යළි වැඩ භාර ගත්තේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *