සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඒ අනුව පියතුමන් අද උදෑසන 10.00ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීමට නියමිතව ඇත.
ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පසුගිය මාසයේ දී එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස පියතුමන්ට දැනුම් දී තිබුණි.
කෙසේවෙතත් අවස්ථා කිහිපයක දී පියතුමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පසුගිය 02 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
පසුගිය 08 වන දා එම නඩුව සලකා බැලු අතර නීතිපතිවරයා දැනුම් දී තිබුණේ සිරිල් ගාමිණි පියතුමන්ව මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

