මෙවර T20 ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පැවති අවසන් මහා තරගයේ දී කඩුලු 08 කින් නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ ශූරයින් බවට පත් වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායම ලබා දෙන ලදි.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය.
එහිදී නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පන්දු 48 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 85 ක් රැස් කළේ ය.
මාටින් ගප්ටිල් පන්දු 35 කදී ලකුණු 28ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් ද ඇඩම් සම්පා එක් කඩුල්ලක් දවා ගත්තේය.
ලකුණු 173ක ජයග්‍රහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින් සිය ජයග්‍රහනය හඹා ගියේය.
එහිදී මිචෙල් මාෂ් නොදැවී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 77ක් රැස්කළ අතර ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස් කළේය.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තේය.
ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගත් අතර අනු ශූරතාවය නවසීලන්ත කණ්ඩායම හිමිකර ගන්නා ලදි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

