Latestදේශීය

තෙල් වලට දිගු පෝලිම්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවතා දැමීම අරඹයා හටගෙන ඇති අර්බුධකාරී වාතාවරණය තුළ මේ වන විට රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ඊයේ (15) දින තෙල් පිරිපහදුව නවතා දැමුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන්වීම හේතුවෙනි.  

නැවත බොරතෙල් රැගත් නැවක් මෙරටට ලඟා වීමට නියමිත දෙසැම්බර් මස 3වන සතියේ බවයි වෘත්තීය සමීති පවසන්නේ. ඒ හේතුවෙන් රට තුළ තෙල් හිගයක් ඇති විය හැකි බැවින් මහජනතාව තම දෛනික අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා ගැනීමට පිරවුම් හල් අසලට රැස්ව තිබෙනවා.

සිපෙට්කෝ ඉන්ධන මිළට වඩා වැඩි මිළක් IOC ඉන්ධන සඳහා ගෙවීමට සිදුවුව ද මේ වන විට  IOC ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම් දක්නට ලැබීම විශේෂත්වයක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *