දේශීය

සිරිල් ගාමිණි පියතුමා අදත් CIDයට කැඳවයි

ගරු සිරිල් ගාමිණී පියතුමන් දෙවන දිනටත් අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ට කර තිබූ දැනුම් දීමකට අනුවයි.

ඒ අනුව පියතුමන් ඊයේ (15) දිනයේදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එහිදී පැය 08කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී තිබුණි.

කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රකාශ ලබාදීම සඳහායි පියතුමන් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගරු සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින්නේ. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *