අවුරුදු 60ට වැඩි අයට හෙට සිට ෆයිසර්
වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින් හට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව පළමුව අනුරාධපුර, අම්පාර යන දිස්ත්‍රික්කවල සහ බස්නාහිර, දකුණු යන පළාත්වල අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.
එහිදී පළමු සහ දෙවැනි මාත්‍රාව ලෙස කුමන එන්නත් වර්ගයක් ලබා ගත්තද තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙන බවත් දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කර ඇති පුද්ගලයින්ට පමණක් තෙවන මාත්‍රාව ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

