මේක පොලිස් රාජ්‍යයක් ද? විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි
රටේ ජනතාවට තමන් මුහුණ දී සිටින ආර්ථික, සාමජ ගැටලු රටේ විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කිරීමේ නිදහසක් නැතිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා.
සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහභාගී වීම සඳහා කොළඹට පැමිණෙමින් සිටි ජනතාවට විවිධ ප්‍රදේශවලදී බාධා එල්ල වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.
විපක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියේ, රටේ ජනතාවට භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කර ඇත්ද යන්නයි.
ප්රජාතන්ත්රවාදී රටක සිවිල්, දේශපාලන අදී සියලු අයිතිවාසිකම් ඇති බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ, මෙය පොලිස් රාජ්‍යයක් නොවන බවත් ස්වෛරී රටක් බවත් ය.
”ඊයේ දවසෙ පොලීසි රාශියක නිලධාරීන් ගැවසුණේ තමන්ගේ රාජකාරි කටයුතුවල නෙවෙයි. උසාවිවල තහනම් නියෝග ගන්න. මම කැමති නෑ මේ රටේ පොලීසිවලට, ආරක්ෂක අංශවලය නිග්‍රහ කරන්න. දැන් හැමෝම දන්නවා නේ ඇති වුණ ප්‍රතිඵලය අධිකරණ කීයක් ප්‍රතික්ෂේප කළා ද?”
ජනතාවට මෙලෙස බාධා කිරිම පහත් ක්‍රියාවක් බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ, ජනතාව පීඩනයට ලක් කිරීම, බාධා කිරීම වහාම නතර කරන ලෙසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, පොලීසිට සිදු කරන්නේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පමණක් බවත් එබැවින් නිකරුණේ පොලීසියට දෝෂාරෝපණය කිරීමෙන් වළකින ලෙසයි.
රටට අංශු මාත්‍රයක හෝ ආදරයක් තිබේ නම්, විපක්ෂ නායකවරයා හා විපක්ෂය කළ යුත්තේ, ආණ්ඩුව සමග එකතු වී වෛරසය විනාශ කරනවා, මිස වෛරසය සමග එක්ව ආණ්ඩුව විනාශ කිරීම නෙවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.