රොනී ද මෙල් හිටියානම් බැසිල්ට ප්‍රශංසා කරනවා නියතයි.
1948 නිදහසින් පසුව රජයකට මුහුණදෙන්න වුණු අසීරුම කාලයක මෙවන් සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීම තුළින් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා තම දක්ෂතාවය මනාව පෙන්නුම් කර ඇතැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
එදා මෙදා තුර මුදල් අමාත්‍යවරයෙක් වැඩිම අභියෝගයන්ට සහ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් ඉදිරිපත් කළ අයවැය මෙවර අයවැය බව පවසන අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා නොවන්න මෙවැනි සාර්ථක අයවැයක් කිසිවෙකුට හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇතැයි ද පවසනවා.

මෙරට බිහිවූ දක්ෂතම මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මෙල් මහතා ජීවත්ව සිටියේ නම් 2022 අයවැය සාර්ථකව නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ප්‍රශංසා කරන බව ද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක් වෙමින් චන්ද්‍රසේන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

