Latestවිදේශීය

උගන්ඩා පාර්ලිමේන්තුව අසල මරාගෙන මැරෙන ප්‍රහාරයක්

පුද්ගලයින් තිදෙනෙකුට මරු කැදවමින් උගන්ඩාවේ කම්පාලා අගනගරයට මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබෙනවා. ප්‍රහාරය සඳහා යතුරුපැදිකරුවන් තිදෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් පාර්ලිමේන්තුව හා පොලිස් මූලස්ථානය අසල සිය යතුරුපැදි පුපුරුවා හැර තිබෙනවා. තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන 30කට අධිකයි.

මෙම ප්‍රහාරයට පැමිණි තවත් බෝම්බකරුවකු උගන්ඩා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරයෙන් අනතුරුව කම්පාලා අගනුවර විවිධ ස්ථානවලින් ජීව බෝම්බ කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා.

මේ අතර ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් විසින් බාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *