දේශීය

NMRA දත්ත මකා දැමීමට සැක සහකාර ඉංජිනේරුවරයාට ඇප

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක්‍රියාකරුට ඇප නියම කර තිබේ.

ඒ අනුව සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විමර්ශනවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 27 වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *