පහළ කඩුගන්නාවෙන් වැසුණු මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටසේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පැවති නායායමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය පසුගිය 10 වැනි දා රාත්‍රි 10.00 සිට නතර කෙරිණි.
ඉන් අනතුරුව සිදුකළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට තීරණය කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

