දේශීය

සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

අද (17) පාර්ලිමේන්තු විවාදය ආරම්භයේදී වැඩි අවධානයක් යොමු වුණේ සමගි ජන බලවේගය ඊයේ (16) සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පිළිබඳවයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට පොලීසිය බාධා කළ බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතා පුවරු රැගෙන සභා ගැබේ උද්ඝෝෂණයක ද නිරත විය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ සිව්වන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද උදෑසන රැස්වු අතර එහිදී විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා චෝදනා කර සිටියේ ආණ්ඩුවට එරෙහි විරෝධය මර්දනය කිරීම සඳහා පොලීසිය යොදා ගත් බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වු  රංජිත් මද්දුමබණ්ඩාර මහතා,

“මේ රජය පොලීසිය දාලා අපිව මර්දනය කරන්න ගියා. රජය අද හොඳටම සමගි ජන බලවේගයටයි ජනතා රැල්ලටයි බයවෙලා තියෙනවා. පොලීසිය අධිකරණයට ගියාට පස්සේ අධිකරණය පොලීසියේ දේවල් ප්‍රතික්ෂේප කළා. එතකොට ඇමතිතුමා පොලිසිය දාලා දේශපාලනය කරන්න යනවා. ලැජ්ජයි. පොහොට්ටුවට මිනිස්සු නැතිවුණාම අපේ අයගේ ගෙවල්වලට ගිහින් තර්ජනය කළා.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *