දේශීය

ජනපති ගෝඨාභය වසර දෙක සපුරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) වසර දෙකක් සම්පූර්ණ වනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනි දින පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

නොවැම්බර් මස 18 වන දින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑරඳුන් ඉදිරිපිට දී ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන්නේ ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති ධූරයට තේරී පත් ප්‍රථම වෘත්තීමය නොවන දේශපාලඥයා මෙන්ම එම ධූරයට පත් වූ ප්‍රථම හිටපු හමුදා නිලධාරියා ද වේ.

ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25%ක ප්‍රතිශතයක් ලත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතම ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද මිලියන 1.3ක් ලබා ගත් අතර ජනාධිපතිවරණය සඳහා තරග වැදුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *