විදේශීය

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් කැනඩාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට එලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඇද හැලෙමින් ඇති ප්‍රභල වර්ෂාපතනයත් සමග බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ගංගාවල ජල මට්ටම් ඉහල ගොස් ඇති අතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. කුණාටුවේ බලපෑමෙන් හා ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් මුදා ගැනීම සඳහා හමුදාව යොදවා තිබේ.

අධිවේගී මාර්ග ද ඇතුලුව මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බැවින් සහන මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති අතර මාර්ග ඔස්සේ ලඟාවීමට අපහසු ප්‍රදේශ වල ආපදාවට පත්ව සිටින පිරිස්වලට අවශ්‍ය ආහාර ඇතුලු අත්‍යවශය ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු හෙලිකොප්ටර් යානා මගින් සිදු කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කඳුකර ප්‍රදේශවල සිරවී සිටින පිරිස් මුදා ගැනීම ද හෙලිකොප්ටර් යානා මගින් සිදු කෙරෙන බව ද වාර්තා වේ.

බොහෝ පිරිසක් නායයාමේ අවදානමට ලක්ව සිටින අතර කඳුකර ප්‍රදේශවල සිරවී සිටින සංචාරකයින් මුදා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි. නායයාම් හේතුවෙන් මේ වනවිටත් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇත.

බ්‍රිටිෂ්  කොලොම්බියා බලධාරීන් පවසන්නේ ආපදාවලින් සිදුව ඇති ජීවිත අනතුරු පිළිබඳ පැවසීමට තවමත් කල් වේලා වැඩි බවයි.

බ්‍රිටිෂ්  කොලොම්බියා ප්‍රාන්තය මෑත කාලයේ සිට ස්වාභාවික විපත් රැසකට ලක් වෙමින් තිබෙන අතර අධික උෂ්ණත්වය, ලැව්ගිනි, ජල ගැලීම් හා නායයෑම ඒ අතරින් ප්‍රධානයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?