දේශීය

ඉල් පුර පසළොස්වක පොහොය අද

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකට හේතු වූ ඉල් පුර පසලොස්වක පොහොය අදට(18) යෙදී තිබේ.

නිමල බුදු දහම ගම් නියම්ගම් සිසාරා ප්‍රචාරය කිරීමේ අරමුණින් පළමු ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය ඇරඹීම, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කර තුන්බෑ ජටිලයින් දමනය කිරීම සිදුවූයේ අද වැනි ‍පොහෝ දිනක ය.

අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම හා මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම ද ඉල් පුර පසලොස්වක පොහෝ දිනයේ ශාසනික වශයෙන් සිදුවු වැදගත් සිදුවීම් ය.

බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම වස්සාන කාලය ගත කළේ, බරණැස ඉසිපතනාරාමයේ ය.

පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙස ද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *