Latestදේශීය

වාහන ඕනා දෙයියනේ – එස්. බී. දිසානායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (17) කැඳවා තිබුණු මාධ්‍ය හමුවකට එක් වෙමින් එස් බී දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ ගෑස්, පෙට්‍රල්, ඩීසල් මෙන්ම ජලය සඳහා සහනාධාර දීමට තමන් විරුද්ධ බවයි. තව ද මන්ත්‍රීවරුන්ට වාහන අවශ්‍ය බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දිසානායක මන්ත්‍රිවරයා,

පෞද්ගලිකව මම විදුලිය, ගෑස්, පෙට්‍රල්, ජලය සහනාධාර දෙනාවාට විරුද්ධයි. එහෙම කියන්නේ ඇයි මං. අපි පාවිච්චි කරන වතුර බිලට ඇයි වෙන කවුරුත් ගෙවන්නේ. අපි සහනාධාර දෙනවා කියන්නේ ඒක වෙන කවුරු හරි ගෙවනවා. අපි පාවිච්චි කරන පෙට්‍රල් ඩීසල් වලට වෙන කවුරුවත් ගෙවන්නේ ඇයි? ඒක හරිද?

අලාභයක් නැත්නම් මේක හොදට ලාභ තියෙනවා නම් හොදයි. අපිට විශාල බරක් ඒක.

එහිදී මාධ්‍යවේදීන් මන්ත්‍රිවරයාගෙන් මෙලෙස ප්‍රශ්ණ කළා.

රජයේ නියෝජිතයින්ගෙනුත් එහෙනම් කපා හරින්න අවශ්‍යයි නේද?

මන්ත්‍රිවරයා

පැහැදිලිවම කපා හරින්න අවශයයි.

මාධ්‍යවේදියා

එතකොට ආන්ඩුවේ පසුපෙල මන්ත්‍රිවරු කියනවා ඔවුන්ට වාහන අවශ්‍ය බව,

මන්ත්‍රිවරයා

මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත‍්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ ගෙදර යන්න ඕනෑ. මේක හරිම අසාධාරණයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *