Latestදේශීය

මුළු රටම නතර වෙයි – බන්දුල ගුණවර්ධන

රටේ ආර්ථිකය ඉතා විශාල කඩා වැටීමකට ලක්ව ඇති බවත් විශාල ඩොලර් හිගයක් පවතින බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ හේතුව නිසා ඉදිරියේදී අත්‍යාවශ්‍ය භාන්ඩ හිඟයක් ඇති විය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා,

මේ රටේ සියළුම භාන්ඩ ආනයනය කිරීමට ඩොලර් වලට තියෙනවා විශාල හිඟයක්. ඒකට හේතුව පසුගිය කාල පරිච්ඡේදය තුළ වැරදි කළමණාකරණය කරනකොට ගෙන සියළුම ඩොලර් සංචිත හිදිලා ගියා. මේ තත්ත්වය බරපතල වෙලා තියෙනවා, කොවිඩ් 19 වසංගතය නිසා සංචාරක පැමිණිමේ අඩු බවක්, වෙනත් විදේශ විනිමය ගලා නොඒම නිසා. ඒක නිසා කැමති උනත් නැතත් අපිට ඩොලර් අච්චු ගහන්න පුළුවන් කමක් නැහැ ඩොලර් උපයාගැනීම සඳහා.

අපි දැන් මැදපෙරදිග ඇතුලු ලෝකයේ විවිධ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටිනවා ඔවුන්ගේ මුදල් එවන්න කියලා.

විදේශීය ධන ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් ගෙනැවිත් ආයෝජනය කරන්න කියලා ආරාධනා කරනවා.

ඊළගට අපනයනය පුලුවන් තරම් වැඩි කරගැනීම සඳහා අපි රටේ ව්‍යවසායකයන්ට ආරාධනා කරලා තියෙනවා.

ඉතිං ඒ සියළු දෙනා දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව රට ඇතුළට වැඩි වැඩියෙන් විදේශ විනිමය ලබා ගත්තේ නැත්නම් අපිට නයවර ලිපි නිකුත් කරන්න බෑ පිටරටින් භාන්ඩ ආනයනය කරන්න.

නයවර ලිපි නිකුත් කරන්න බැරි වුනොත් සහල් පිටි සීනි විතරක් නෙමෙයි ඛනිජ තෙල් ආනයනය කරන්න බැරි වුනොත් මුළු රටම නතර වෙනවා.

ඉතිං ඒක නිසා මේක ලෝක ව්‍යසනයක්. ලෝක ව්‍යසනයකින්ම ලංකාවේ ආර්ථිකය පසුගිය වර්ෂයේ ඝණ 3.6ට ආපස්සට ගියා. නිෂ්පාදන නතර වුණා. සංචාරක ව්‍යාපාරය නතර වුණා. විදේශ ආයෝජන නතර වුණා. රට ඇතුලට විදේශ විනිමය ගලා ඒම විශාල ලෙස පහත ගියා. ඩොලර් හිඟයක් බොහොම පැහැදිලිව තියෙනවා.’’


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *