දේශීය

චීන පොහොර නැවට ඇති වාරණය දීර්ඝ කෙරේ

චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගමේ කාබනික පොහොර තොගයට අදාළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට පනවා තිබූ වාරණ නියෝගය ලබන 30 වැනි දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ අද (19) නියෝග කළේය.

ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම චීන කබනික පොහොර ගනු දෙනුවට අදාළ ගොනු කළ නඩු දෙක අද නැවතත් සලකා බැලුවේ කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ ය.

මෙම නඩුවට අදාළව චීන සමාගමේ දේශීය නියෝජිතයා විසින් අද කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ලිඛිත විරෝධතා ගොනු කර තිබේ.

චීන කාබනික පොහොර තොගයේ අහිතරකර බැක්ටිරියා ඇතැයි මෙරට ශාක නිරෝධයන සේවය අවස්ථා දෙකකදී තහවුරු කිරීමත් සමග එම පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළේය.

ඊට අදාළ විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයට ගියේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් චීන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් රැගෙන පැමිණි හිපෝ ස්ප්‍රිටිට් නෞකාව තවමත් මෙරට මුහුදු සීමාවට සමීපයේ රැදී සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *