දේශීය

කොළඹ තුරග තරග පිටියේ ගොඩනැගිල්ලක පිපිරීමක්

කොළඹ තුරග තරග පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ පහත මහලේ පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක අද (20) අලුයම් කාලයේ පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබේ.

පරිශ්‍රයේ සිදු වූ ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදු වන්නට ඇති බවට දැනට සැක පළ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පිපිරීමෙන් පසු ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගරසභා ගිනි නිවීම් ඒකකය සහ පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පිපිරීම හෝ ගින්න හේතුවෙන් කිසිවෙකු තුවාල ලැබීමක් හෝ මිය යාමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පිපිරීමට හේතුව නිශ්චිතය තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *