දේශීය

එංගලන්තයේ නිවසක ගින්නක් – ලාංකිකයින් 4ක් මරුට

එංගලන්තයේ, බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගින්නෙත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එම්. මතිවාතනන් නමැති පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දනිය එම ගින්නෙන් මියගොස් ඇති බව සඳහන් විය.

මියගිය දරුවන් දෙදෙනා වයස අවුරුදු 04ක් සහ මාස 18 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

එම් මතිවාතනන්ගේ නැන්දනිය අද (20) දිනයේ ලංකාවට පැමිණිමට ගුවන් ටිකට්පත් ද ලබාගෙන සූදානමින් සිට ඇති බව වාර්තා වේ.

අදාල නිවසේ පහළ මහලේ ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

එම පුද්ගලයින් විසින් අදාල නිවස මීට මාස තුනකට පෙර මිලදී ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 15ක් පමණ එංගලන්තයේ පදිංචිව සිට ඇති බව සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *