දේශීය

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසෙයි

නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවින් අද (21) දින නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලබාදිම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද දින වසා දැමුණු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑළියේ එළවළු වගා කරන ගොවින්ට අවශ්‍ය කරන රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදිම හමුවේ ගොවින් මේ වන විට වගා කර ඇති අස්වැන්නේ ඵලදාව අඩුවිම හේතුවෙන් එයට විරෝධය පෑමක් වශයෙන් අද නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග ලබා දීම ප්‍රතික්ෂේප කළ බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රටේ සමස්ත එළවළු වගා කරන ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදිම හමුවේ කොළඹ මැනිං වෙලදපොල, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන රැසකටම දිනපතා ලැබෙන එළවළු තොග ප්‍රමාණය අඩු වි ඇත.

පවත්නා තත්ත්වය මත ඉදිරියේදි එම ආර්ථික මධ්‍යස්ථාන සම්පුර්ණයෙන්ම වසා දැමිමට සිදු වන බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිලධාරින් මේ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම හමුවේ මෙම තත්ත්වය උද්ගත වි ඇති බවත් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *