විදේශීය

එන්නත්කරණයට ලක් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාව විවෘතයි

එළඹෙන දෙසැම්බර් මස පළමු වන දා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ වීසා බලපත්‍ර හිමි පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට අවසර ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා දැනට පනවා ඇති කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ එම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුන්, වීසා හිමි ව්‍යාපාරිකයින් සහ සරණාගතයින් හට ඔස්ට්‍රේලියාව වෙත පැමිණිමට අවසර හිමිව ඇත.

ගෝලීය කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දමා තිබූ අතර පසු ගියදා ස්ථිර පදිංචිකරුවන් ඇතුළු සීමිත පිරිසක් සඳහා පමණක් එරටට ඇතුළු වීමට අවසර ලබා දී තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *