ප්‍රවේශමෙන්, ගෑස් ටැංකි කියන්නේ බෝම්බ වගේ – තුෂාර ගුණවර්ධන
රටේ තැනින් තැන ගෑස් සිලින්ඩර සාප්ක්ෂව වැඩි වශයෙන් පුපුරා යන්නේ ගෘහස්ථ ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති නිසා බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ගුණවර්ධන මහතා මෙම කරුණු හෙලිදරව් කළා.
මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙක එක්වී මෙම වෙනස්කම සිදුකළ බව පවසන ගුණවර්ධන මහතා දැන් නිවසක ගෑස් සිලින්ඩරයක් තබාගෙන සිටීම බෝම්බයක් තබාගෙන සිටීමක් වැනි යැයි ද වැඩිදුරටත් සදහන් කළා.

මේ සම්බන්ධයෙන් තමන් විෂයභාර අමාත්‍යවරුන් දෙදෙනාටම එකල කරුණු ඉදිරිපත් කළ බව පැවසූ තුෂාන් ගුණවර්ධන මහතා නමුත් ඒ පිළිබදව අමාත්‍යවරුන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් මෙය බරපතල අපරාධයක් බවත් වැඩිදුරටත් දන්වා සිටියා.

වෙළද අමාත්‍යවරයා සම්බන්ධයෙන් සහ පාරිභෝගික සේවා අධිකාරිය සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපාරික මාෆියාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මත ප්‍රකාශයන් ගණනාවක් පසුගිය කාලයේ තුෂාර ගුණවර්ධන මහතා සමාජගත කර තිබෙන වටපිටාවක මෙම නව හෙලිදරව්ව මගින් පාරිභෝගික ජීවිතවලට එල්ල වී ඇති අවධානම පිළිබද කරුණු තවත් තීව්‍ර වෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

