දේශීය

පූජිත්ට අධි චෝදනා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම ඇතුළු චෝදනා විශාල ප්‍රමාණයක් යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ අධිචෝදනා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ කියවා බාර දී තිබෙනවා.

ඒ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

පැයක පමණ කාලයක් කියවා බාර දුන් එම අධිචෝදනා පත්‍රයේ සදහන් සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර පූජිත ජයසුන්දර මහතා පවසා ඇති අතර ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කරුණු දක්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාර මාලාව එල්ල කල ත්‍රස්තවාදින්ට සිය සේවා දායකයා හිතමතා අනුබලදීමක් හෝ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ රාජකාරියේදි නීති විරෝධී නොසලකා හැරීමක් සිදු නොකළ බවයි.

මෙම නඩුවේ වැඩිදුර විභාගය හෙට උදෑසන 9 දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ අතර රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නිලන්ත ජයවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් හෙට දිනයේදී අධිකරණය හමුවේ සාක්ෂි දීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *