දේශීය

සිරිල් ගාමිණි පියතුමා අදත් CIDය හමුවට

ගරු සිරිල් ගාමිණි පියතුමා තෙවන දිනටත් අද (22 ) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට සිරිල් ගාමිණී පියතුමන් කැඳවා ඇති බවයි.

2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් සූම් තාක්ෂණය ඔස්සේ කළ  ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව පියතුමා එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

පසුගිය 15 සහ 16 යන දෙදිනෙහි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පියතුමන් පෙනී සිටියේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *