ක්‍රීඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 386කට සීමා වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 386ක් රැස් කිරීමට සමත් විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 147ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 56ක්, ධනංජය ද සිල්වා ලකුණු 61ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 45ක් බැගින් රැස් කරන ලදි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී රොස්ටන් චේස් ලකුණු 83කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *