දේශීය

කින්නියා ප්‍රදේශයේ පාරුවක් පෙරළෙයි – 6ක් මරුට

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම එහි ගමන්ගත් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බව ද වාර්තා වේ.

පාරුව පෙරළෙන අවස්ථාවේ ළමුන් 20 දෙනෙකු පමණ එහි සිට ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සිරුරු කින්නියා රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *