විදේශීය

ඇමරිකානුවන්ට ජර්මනිය සහ ඩෙන්මාර්කය වැසේ

ඇමරිකානු පුරවැසියන්ට ජර්මනිය සහ ඩෙන්මාර්කයේ සංචාරය කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, එම රටවල කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වීම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙණි.

ඒ අනුව ඩෙන්මාර්කයට සහ ජර්මනියට ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇමරිකානු රෝග පාලන සහ වැලැක්වීමේ මධ්‍යස්ථාන සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත්කර ඇත.

ජර්මනියේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම මේ වන විට සීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් එරට රෝහල්වල රෝගීන් වැඩි වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් පැවසුවේ රෝග ව්‍යාප්තිය පාලනයට ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත් රට තුළ විවිධ සීමා ඇති කිරීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිටින බව විදෙස් මධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *