කින්නියා පාලම් පාරු අනතුර සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
කින්නියා ප්‍රදේශයේදී ඊයේ (23) පෙරළී ගිය පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ එම පාරුව පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබුණි.
අනතුරෙන් පාසල් දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
එම අනතුර උදෑසන 7.00ට පමණ සිදුව තිබූ අතර ඒ අවස්ථාවේ පාසල් දරුවන් ඇතුළු 25ත් 30ත් අතර පිරිසක් පාලම් පාරුවේ ගමන් කර තිබුණි.
සිද්ධිය දුටුවන් වහා ක්‍රියාත්මක වී වතුරට පැන දරුවන් 7 දෙනෙකු බේරගෙන කින්නියා රෝහලට ඇතුළත් කෙරුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

