සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක
හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අද (24) පෙරවරු 07.00 සිට පැය 48ක කාලයක් එම සංකේත වැඩවර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව හෙද වෘත්තීය සමිති සඳහන් කළේය.
සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටළු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

