Latestදේශීය

රසායනික පොහොර ආනයනයට යළි අවසර

රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මීට අදාළව 2021 අප්‍රේල් මාසයේ 26 වන දා නිකුත් කළ ගැසට් නිවේදනය අද දිනයේ සිට ඉවත් කිරීමට ඊයේ (23) තීරණය කළ බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ රජයේ පොහොර සහනාධාරය, බීජ, වී සඳහා සහතික මිලක්, තාක්ෂණය, වෙළඳපොළ යනාදි සියලු දේ ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්තය සඳහා බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *