දේශීය

අධිවේගයේ මුදල් ගෙවීමට නව ක්‍රමවේදයක්

අධිවේග මාර්ගයන්හි ගාස්තු අයකිරීම LANKAQR හරහා ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේග මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා ද LANKAQR හඳුන්වාදීමට යෝජනා වී තිබේ.

මෙම නව ක්‍රමවේදය හරහා සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්පර 8 – 10ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදු කිරීමට අධිවේග මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට හැකියාව ලැබෙනු ඇත.

රට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමග එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *