දේශීය

කාන්තා හිංසනයට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (25) කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු ලෙස සඳහන් වු ස්ටිකරයක් පැලඳගෙන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටියහ.

තැඹිලි පාට වර්ණයෙන් යුත් පටි අතෙහි බැඳගනිමින් ඔවුහු සිය විරෝධය දැක්වුහ.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද සිට නම් කර ඇති කාන්තාවන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය සංකේතවත් කරමින් එලෙස පාර්ලිමේන්තුවේ දී විරෝධය දක්වන බවයි.

“අද පාර්ලිමේන්තුවේ දී කාන්තාවන් හිංසනයට ලක්වන හැටි දැක්කහම කාන්තාවන් කුමන ආකාරයේ දුෂ්කරතාවයන්ට සහ හිංසනයන්ට ලක්වෙනවා ඇති ද? අද එක්සත් ජාතීන් නම් කරලා තියෙනවා සියලු ආකාරයේ කාන්තා හිංසනයන් පිටුදැකීම අද සිට දින 16ක්, ආරම්භ වෙලා දෙසැම්බර් 10 වන දා මානව හිමිකම් දිනයෙන් අවසන් කරන්න. අපේ රට හැම කාන්තාවන් 5දෙනෙකුට එක් අයෙක් ශාරීරකව හෝ කුමන ආකාරයෙන් හෝ හිංසනයට ලක් වෙනවා. මේ පාර්ලිමේන්තුවේ දෙයක් සිද්ධ වුණත් අවවාදයක් මිස දඬුවමක් නැත. මෙය තමයි එළියෙත් ප්‍රශ්නය. කාන්තාවන් හිංසනයට ලක්වුණාම චුදිතයා ගැළවෙන වින්දිතයා පීඩාවට ලක්වෙන තත්ත්වයක් තමා තියෙන්නේ.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *