දේශීය

මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මහජන ගෞරවයට

හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඊයෙ(24) දිනට තෙමසක් පූර්ණ වේ.

කෝවිඩ් වාතාවරණය හේතුවෙන් අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට අවසන් බුහුමන් දැක්වීමට නොහැකි වූ හිතමිතුරන් හට ඊට අවස්ථාව ලබා දී, අද (25) පෙ.ව. 10 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, අංක 483  දරණ ‘රෙස්පෙක්ට්’ ජයරත්න ප්‍රභූ මල්ශාලාවේ ඔහුගේ භෂ්මාවශේෂ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු කථා නායක කරූ ජයසූරිය මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ඊට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබුණි.

මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ අද (25) පස්වරු 6.00න් පසු මාතරට රැගෙන යන අතර හෙට පස්වරු 2.00ට මාතර – නූපේ පැරණි ලන්දේසි ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පන් කිරීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *