දේශීය

පන්නිපිටියේ නිවසක පිපිරීමක්

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ අද (25) නිවසක පිපිරීමක් සිදුව තිබේ.

අද අලුයම සිදුව මෙම පිපිරීම සිදුව ඇති අතර එය ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බව කොට්ටාව පොලීසිය සඳහන් කළේය.

පිපිරීම හේතුවෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බවත වාර්තා වේ.

කෙසේ වෙතත් පිපිරීම සිදු වන අවස්ථාවේ නිවැසියන් නිදා සිට ඇති අතර කිසිදු ජිවිත හානියක් සිදූ වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාසයේ දී ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වූ පිපිරීම් කිහිපයක් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *