දේශීය

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අලුත්ගම – මතුගම හා අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් අද (25) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා පැය 10ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත.

වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ කටුකුරුන්ද ,නාගොඩ, පිළිමිනාවත්ත, බෝම්බුවල යන  ප්‍රදේශ වල ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඊට අමතරව පයාගල, මග්ගොන, බේරුවල, මොරගල්ල, කළුවාමෝදර, දර්ගා නගරය අලුත්ගම සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද අද දිනයේ ජලසැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *