දේශීය

මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දී ඇත.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහා ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි.

ඒ අනුව ලබන 29 වැනි දා මන්ත්‍රීවරයා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බවත් දෙසැම්බර් මස පළමු සතියේ සිය නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවත් වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *