දේශීය

දැදුරු ඔය නිම්නයේ පහත් බිම් ජලයෙන් යට වේ – ගංවතුර අනතුරු ඇඟවීම්

පවතින අධීක වාර්ෂාව හේතුවෙන් මේ වන විටෙ දැදුරු ඔය වාන් දොරටු 08ක් අඩි 05 බැගින් විවෘත කිරීම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.

ඒ හේතුවෙන් අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ රථ ධාවනයට හා ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

ඉදිරි පැය කිහිපයක තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රදේශීය ලේකම් කෙට්ඨාස අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

අනතුරු ඇඟවීම් සිදු කර ඇති ප්‍රදේශවල පදිංචි ජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.

වැඩි දුරටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (24) දින සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝණ අඩි 27,800 ක ජල ප්‍රමාණයක් නිකුත් කරමින් පවතින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *