වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සිතාසි
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා එළඹෙන 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත සිතාසි නිකුත් කර ඇත.
එම නඩුව අද (26) කොළඹ මහාධිකරණයේදී නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ, ඉල්ලීමක් කරමින් නඩුවේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටින වත්මන් පොලිස්පතිවරයාට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව, එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ලබන 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිටන ලෙස සඳහන් කරමින් සිතාසි නිකුත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

