දේශීය

මොල්නුපිරවීර් ඖෂධය මෙරටට ගෙන්වීමට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ දී මොල්නුපිරවීර් ඖෂධය මෙරටට ගෙන්වීමට ජනාධිපති තුමා විසින් උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් මේ වනවිට භාවිත කරන,මොල්නුපිරවීර් ඖෂධය ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබුණි.

ඒ අනුව කොවිඩ් එන්නත ගෙන් වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *